ජාවා වලින් අපිට මොනවද කරන්න පුළුවන්?

Discussion in 'java' started by billa 54, Nov 17, 2018.

  1. billa 54 New Member

    Joined:
    Nov 15, 2018
    Messages:
    15
    Likes Received:
    1
    Gender:
    Male
    [​IMG]



    “ජාව වලින් අපිට මොනවද කරන්න පුලුවන් ? website development, software engineer, android application මේව මොනවද ? ජාව මගින් මේ දේවල් කර ගන්න පුලුවන්ද ? job market ඒක කොහොමද ? ජාවා වලින් කරපු examples ටිකක් ලබා දෙන්න පුලුවන්ද ?”

    Q: ජාවා වලින් අපිට මොනවද කරන්න පුළුවන්?

    A: ජාවා කියන්නේ පරිගණක ක්‍රමලේඛ භාෂාවක්. java සතුව සුවිශේෂී ලක්ෂණ කිහිපයක්ම තිබනවා. මේ ලක්ෂණ නිසා

    java භාශාව යොදාගෙන සාමාන්‍ය පරිගණක සඳහා මෙන්ම, වෙබ් පිටු සහ ජංගම උපකරණ (mobile phones, tab) සඳහාද මෘදුකාංග නිපදවන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි, මේ නිපදවන මෘදුකාංග එකිනෙකට වෙනස් පරිගණක මෙගෙයුම් පද්ධති වලත් ක්‍රියාත්මක කරවන්නට පුළුවන්. Java භාශාව ගැන ගැඹුරට ඉගෙන ගන්න තරමට එයින් කල හැකි දේවල් වල පරාසය වැඩි වෙනවා. නමුත් මේ දේවල් කරන්න java ගැන දැනුම විතරක්ම ලබාගෙන මදි.

    Q: website development, software engineer, android application මේව මොනවද ?

    A: Website development කියන්නේ අන්තර්ජාලයේ අපිට දකින්නට ලැබෙන වෙබ් පිටු නිර්මාණය කිරීමයි. මේ වෙබ් අඩවි ප්‍රධාන කොටස් 2කට බෙදෙනවා.

    1. Static Web Sites( උදා. http://www.yashamanhospital.com/)

    2. Dynamic Web Sites (උදා. www.facebook.com)

    static web site වල නිකන්ම අකුරු සහ පින්තුර වගේ දේවල් පමණක් ඇතුලත් වෙනවා. නමුත් dynamic web site වල තියෙන්නේ web application එකක්. ඒවා අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වෙන මෘදුකාංග විදියට ක්‍රියාත්මක වෙනවා. නමුත් අපිට පෙනෙන්නේ සාමාන්‍ය වෙබ් පිටුවක් වගේ. ගූගල්, ඊමේල් වගේ සේවාවන්ද මේ ගණයට අයත්.

    Software Engineering කියන්නේ ඉංජිනේරු විෂයක්. පරිගණක මෘදුකාංග නිපදවීම සහ ඒ ආශ්‍රිතව හැදෑරිය යුතු ඉතා විශාල පරාසයක තිබෙන අංශ ගණනාවක් පිළිබඳව මෙහිදී හැදෑරීමට සිදු වෙනවා. බොහෝ විට පරිගණක භාෂා කිහිපයකම නිපුනතාවය ලැබිය යුතුයි.

    මම දන්නා තරමින් ශ්‍රී ලංකාවේ, මොරටුව, කොළඹ, රුහුණ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාල වල මෙම විෂය ඉගැන්වෙනවා (නමුත් Software Engineering යන නමින්ම හඳුන්වන්නේ නෑ මන් හිතන්නේ… Computer Science කියල කොළඹ සහ මොරටුව විශ්ව විද්‍යාල වල තිබෙන්නේ මේ පාඨමාලාව විය යුතයි).

    Android application කියන්නේ, android මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වෙන උපාංග (mobile phones, tabs) වලට භාවිතා කිරීමට නිපදවන මෘදුකාංගයි. android apps නමින්ද මේවා හඳුන්වනවා.

    Q: ජාව මගින් මේ දේවල් කර ගන්න පුලුවන්ද ?

    A: ඔවු. Website Development සහ android application developing, java භාෂාවෙන් සිදු කල හැකියි. Software Engineering කියන්නේ විෂය මාලාවක්. ඒ විෂය මාලාවට java පරිගණක භාෂාවත් ඇතුලත් විය හැකියි.(අදාල විෂය නිර්දේශය සම්පාදනය කර ඇති ආකාරය අනුව මෙය වෙනස් විය හැකියි)

    Q: job market ඒක කොහොමද ?

    A: මේ ප්‍රශ්නයට මගේ පෞද්ගලික පිලිතුරනම්, යම් විෂයක් හැදෑරිය යුතු වන්නේ රැකියාවක් කරන්නටම ඉගෙන ගන්නවා කියන හැගීමෙන් නෙවෙයි. ඒ විෂය හදාරන්නට තමන් තුල ඇති කුතුහලය සහ ආශාව නිසයි විෂයක් හැදෑරිය යුතු වන්නේ.

    මෙම ප්‍රශ්නයට අදාලව පිලිතුරනම්, java පරිගණක භාශාව ඉතා හොඳින් හැදෑරූ, ඒ වගේම පරිගණක මෘදුකාංග නිපදවීම පිළිබඳව හොඳ අත්දැකීම් ඇති පුද්ගලයෙකුට ඉතා හොඳ රැකියා වෙළඳපොළක් තිබෙනවා. (නමුත් මේ සඳහා java පමණක්ම ඉගෙන ගැනීම ප්‍රමාණවත් නැත.)

    Q: ජාවා වලින් කරපු examples ටිකක් ලබා දෙන්න පුලුවන්ද ?

    A: පුළුවන්. ඔබ ළඟ android දුරකතනයක් තිබෙනවාද? එය ඉතා හොඳ උදාහරණයක්. android මෙහෙයුම් පද්ධතියේත් java තාක්ෂනය යොදා ගන්නවා. ඒ වගේමhttp://java.dzone.com/tips/ten-amazing-java-applications වෙබ් පිටුවේ ඇතුලත් වන්නේත් එවැනි උදාහරණ කිහිපයක්. (NASA ආයතනයද java තාක්ෂනය යොදා ගන්න බවට මේ වෙබ් පිටුවේ සඳහන්).

    http://java-apps.org – මේ වෙබ් අඩවියේ java තාක්ෂණයෙන් නිපදවූ කුඩා ප්‍රමාණයේ මෘදුකාංග රාශියක් ලබා ගැනීමට පුළුවන්.

    java තාක්ෂණයේ පරතෙරටම ගිය අයෙකුට එම දැනුමින් කල හැකි දේ මෙවන් දේවල් අප්‍රමාණයි.

    තවම Java භාශාවේ හෝඩිය හදාරන කෙනෙක්
     
    Last edited: Nov 17, 2018
    #1